ඉරානයේ ෂියා නිකායට අයත් පූජකවරයෙකු මරා දැමීම කෙරෙහි දෙවියන් ඉදිරියේ සෞදියට වන්දි ගෙවීමට සිදුවනු ඇති බව එරට උත්තරීතර නායක අයතුල්ලා අල් ඛමේනි අවධාරණය කරයි.
ෂියා නිකායට අයත් ෂෙයික් නිමර් අල්-නමර් මරා දැමීම ඉස්ලාම් රාජ්ය ත්රස්තයන්ගේ ජිහාඩි ජෝන් සිදුකළ ආකාරයේ ඝාතනයක් බවත්, එය අයුක්තිසහගත ලේ හැලීමක් බවත් අල් ඛමේනි වැඩිදුරටත් සඳහන් කර තිබේ.
කෙසේ වෙතත්, සෞදිය පෙන්වා දෙන්නේ මෙම පූජක තැන පුද්ගලයන් 46 දෙනෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් ත්රස්ත ක්රියාවලට සම්බන්ධ චූදිතයෙකු වූ බැවින් ඔහුට මරණ දඬුවම ලබාදුන් බවයි.