භූතාන මායිම වෙනුවෙන් ඉන්දියාව-චීනය ගැටෙයි
චීනය, භූතානය හා ඉන්දියාව වෙන්වන හිමාලය ආශ්රිත දේශසීමාවේ භූතානයට අයත් බිම් කොටසක් සම්බන්ධයෙන් ඉන්දියාව හා චීනය අතර දැඩි උණුසුම් වාතාවරණයක් ඇතිව තිබේ.
රොයිටර් පුවත් සේවය වාර්තා කරන ආකාරයට මෙම බිම් කොටස තමන්ට අයත් බව පවසමින්, එහි සිටින ඉන්දියානු හමුදාවන්ට වහාම පසුබසින ලෙස චීනය අනතුරු අඟවා ඇත. මෙසේ ඉන්දියානු හමුදාව තම භූමියේ සිටින බව චීනය පවසා සිටියත්, භූතානය මෙන්ම ඉන්දියාව අවධාරණය කරන්නේ අදාළ භූමි භාගය භූතානයට අයත් බවයි.
භූතානය තුළ තම හමුදා රඳවා ඇති ඉන්දියාව පවසන්නේ චීන හමුදා කණ්ඩායමක් පසුගිය ජූනි 16 වැනිදා හිමාලයේ භූතානයට අයත් පෙදෙසට ඇතුළු වෙමින් අලුත් මාර්ගයක් සෑදීමට උත්සාහ කළ බවයි.
කෙසේ වෙතත්, නව දිල්ලියේ චීන තානාපති ලූ සහෝයි අවධාරණය කරන්නේ එම ප්‍රදේශයේ රැඳී සිටින ඉන්දීය හමුදා කොන්දේසි විරහිත ලෙස පසුබසිමින් ඉන්දීය භූමිය වෙත පැමිණිය යුතු බවයි.
ලෝකයේ වඩාත් කුඩා රාජ්‍යයන් අතරින් එකක් වන භූතානය පවසන්නේ චීනය විසින් මාර්ගයක් ගොඩනගන භූමිය තම රටට අයත් බවයි. එය චීනය සමග වන එකඟතා හිතාමතා උල්ලංඝනය කිරීමක් බව භූතානය කියයි.
2017 ජූනි 16 වැනිදාට පෙර පැවති තත්ත්වයෙන්ම අදාළ ප්‍රදේශය සම්බන්ධයෙන් චීනය කටයුතු කරනු ඇති බව භූතානයේ විශ්වාසය බව එරට විදේශ අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
භූතානයට චීනය සමග නිල රාජතාන්ත්‍රික සබඳතා නොපැවතියත්, ඔවුන් ඉන්දියාව සමග ඉතා සමීප සබඳතාවක කටයුතු කරයි.
.jpg)
.jpg)
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

