නැගෙනහිර ආසියාවේ උසම කන්දක් ලෙස සැලකෙන මැලේසියාවේ කිනබාලු කඳුකරයේ ඇති වූ රික්ටර් පරිමාණ 6.0ක භූ කම්පනයක් හේතුවෙන් කඳු නගින්නන් පිරිසක් එහි සිරවී සිටින බව විදෙස් වාර්තා පවසයි.
ඔවුන් මුදාගැනීම සඳහා මේ වනවිට මෙහෙයුම් සිදුවන බව එරට සංචාරක අමාත්‍යවරයා නිවේදනයක් නිකුත් කරමින් පවසා තිබේ.
කෙසේ වෙතත්, පවතින අයහපත් කාලගුණය හේතුවෙන් හෙලිකොප්ටර් යානා ගොඩබැස්වීම අසීරු වී ඇති බවද කියැවෙයි.
භූ කම්පනයත් සමග ගල් පෙරළීමක් සිදුවීමේ අවදානමක් පැවති බැවින් මේ වනවිට එම ප්‍රදේශය ආශ්රිත කඳු නැගීමේ කටයුතු තහනම් කර ඇති බවද විදෙස් වාර්තා පවසයි.