බෝකෝ හරාම් ත්රස්තයන් විසින් පැහැරගන්නා ලද 200කට අධික නයිජීරියානු පාසල් සිසුවියන් සොයා ගැනීමේ මෙහෙයුමට සහාය වීම සඳහා පිටත්ව ගිය ඇමෙරිකානු විශේෂඥයන් පිරිස සිය රාජකාරීන් අරඹා ඇති බව ඇමෙරිකානු රාජ්ය ලේකම් ජෝන් කෙරී පවසයි.
නයිජීරියානු රජය සමග ක්රියාත්මක වන මෙම ඇමෙරිකානු විශේෂඥ කණ්ඩායම ගැහැණු දරුවන් බේරාගැනීම සඳහා උපරිමයෙන් ක්රියාත්මක වීමට සූදානම් බවද කියැවෙයි.
මීට පෙර නයිජීරියානු ජනාධිපති ගුඩ්ලක් ජොනතන් පවසා සිටියේ, ඉස්ලාමීය අන්තවාදී ත්රස්තවාදයට එරෙහි හැරවුම් ලක්ෂයක් ලෙස මෙම සන්ධිස්ථානය සැලකිය හැකි බවයි.
කෙසේ වෙතත් දරුවන් බේරා ගැනීමට මෙතරම් කාලයක් ගැනීම සම්බන්ධයෙන් නයිජීරියානු රජයට චෝදනා එල්ල වෙමින් පැවතිනි.