ඊසානදිග නයිජීරියාවේ පසුගිය බදාදා සිට සිදුවන ප්‍රහාර හේතුවෙන් මේ වනවිට සාමාන්‍ය වැසියන් 135කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇති බව එම පළාතේ ජ්‍යෙෂ්ඨ රජයේ නිධාරියෙක් බී.බී.සී.යට පවසා තිබේ.
බෝර්නෝ ප්‍රාන්ත ආණ්ඩුවේ සෙනට් සභිකයෙකු වන අහමඩ් සන්නාහ් පෙන්වා දෙන පරිදි මෙම මරණ සිදුවී තිබෙන්නේ ප්‍රාන්තයේ ස්ථාන තුනක සිදුවූ ප්රහාරයන් හේතුවෙනි.
මෙම ප්රහාරයන්ගේ වගකීම කිසිවෙකුත් භාරගෙන නැතත්, මෙය නයිජීරියාවේ ත්‍රස්තවාදය පතුරුවන ඉස්ලාමීය බෝකෝ හරාම් ක්රියාකාරීත්වයේ තවත් රුදුරු හස්තයක් බව පෙන්වා දෙයි.
ඇම්නෙස්ටි ජාත්‍යන්තරය පෙන්වාදෙන පරිදි මෙම කලාපය තුළ මෙම වර්ෂය තුළ පමණක් මිනිස් ජීවිත 1,500ක් පමණ අහිමි වි ඇති අතර, ඉන් අඩකටත් වඩා සාමාන්‍ය වැසියන් බව කියැවෙයි.
සන්නාහ් පෙන්වාදෙන පරදි ප්‍රහාරයකන් මුලින්ම ඉලක්ක කර තිබෙන්නේ දික්වා නගරයේ පිහිටි ගුරු පුහුණු මධ්‍යස්ථානයකටය.
එහිදී පුද්ගයන් පස් දෙනෙකු ඝාතනය කළ ඔවුන් කාන්තාවන් කිහිප දෙනෙකු පැහැරගෙන ගොස් තිබේ. ඉන් පලා යෑමට පෙර ඔවුන් එම මධ්‍යස්ථානයේ පුස්තකාල ගොඩනැගිල්ල සම්පූර්ණයෙන්ම ගිනිබත් කර ඇත.
ඉන් අනතුරුව මෙම සන්නද්ධ කණ්ඩායම් ගම්මාන දෙකකට ප්‍රහාර එල්ල කර ඇති අතර, එහිදී පුද්ගලයන් 130 දෙනෙකු පමණ මරා දමා ඇති බව වාර්තා වෙයි.
කෙසේ වෙතත් නයිජීරියානු හමුදා මේ සම්බන්ධයෙන් මෙතෙක් ප්‍රකාශයක් සිදුකර නොමැති බවද බී.බී.සී.ය පවසයි.