බංග්ලාදේශයේ විශාලතම ඉස්ලාමීය පක්ෂය ලෙස සැලකෙන ජමාත්-ඉ-ඉස්ලාමි පක්ෂයේ නායක මොටියුර් රහ්මන් නිසාමිට ලබාදී තිබූ මරණීය දණ්ඩනය එරට ශ්‍රේෂ්ඨාධිකරණය විසින්ද අනුමත කර තිබේ.
විදෙස් මාධ්‍ය පෙන්වාදෙන පරිදි, 1971 පාකිස්තාන නිදහස් සටන අවස්ථාවේදී සිදුකළේ යැයි කියන යුද අපරාධ සම්බන්ධයෙන් ඔහුට මරණීය දණ්ඩනය නියම වූ අතර, ඊට එරෙහිව ඔහු ඉදිරිපත් කළ ඇපෑල මෙසේ නිශ්ප්‍රභ වී තිබේ.
72 වැනි වියෙහි පසුවූ නිසාමි නිදහස් සටනේ ක්‍රියාකරුවන් හඳුනාගනිමින් ඝාතනය කිරීම සඳහා පාකිස්තාන හමුදාවට උදව් ලබාදී ඇති බවට චෝදනා එල්ල වී තිබුණි.
මීට අමතරව, සමූල ඝාතනය, මනුෂ්‍ය ඝාතනය, වදහිංසා පැමිණවීම හා ස්ත්‍රී දූෂණය යන චෝදනාවන්ද ඔහුට එරෙහිව පවතින බව කියැවෙයි.
මාස නවයක් පුරා පැවති මෙම සටනේදී ගුරුවරුන්, ඉංජිනේරුවන් හා ජනමාධ්‍යවේදීන් බහුල වශයෙන්ම ඝාතනය වී තිබේ.