ස්පාඤ්ඤයේ, කැටලෝනියා ප්‍රාන්තයේ හිටපු නායක කාර්ල්ස් පුයිග්ඩෙමොන්ට් ජර්මනියේදී අත්අඩංගුවට පත්වීමත් සමග එම පළාත තුළ පුරා යළිත් ගැටුම් උත්සන්න වී තිබේ.
පොලීසිය සමග ඇතිකර ගත් ගැටුම්වලින් පුද්ගලයන් 89 දෙනෙකු තුවාල ලබා ඇති අතර, සිව්දෙනෙකු පොලිස් අත්අඩංගුවට පත්ව ඇති බව විදෙස් වාර්තා පවසයි.
රාජද්‍රෝහීවීම සහ කැරලි ඇතිකිරීම යන චෝදනා යටතේ ඔහු ස්පාඤ්ඤය වෙත අවශ්‍යව සිටි අතර, යුරෝපීය වරෙන්තුවක් යටතේ ජර්මානු පොලීසිය විසින් ඔහු අත්අඩංගුවට ගනු ලැබීය.
ඔහු ජර්මානු අධිකරණයක් වෙත ඉදිරිපත් කිරීමට නියමිතව සිටියි.
ඩෙන්මාර්කයේ සිට බෙල්ජියම දක්වා ගමන් කරමින් සිටියදී ඔහු අත්අඩංගුවට පත්ව තිබුණි.