පියයරු පිළිකාවලට හේතු වන ජානමය තත්ත්වයන් සම්බන්ධයෙන් වඩාත් පැහැදිලි චිත්‍රයක් මේ වනවිට සොයාගැනීමට හැකිවී ඇති බව විද්‍යාඥයෝ පවසති.
නේචර් විද්‍යා සඟරාවේ පළ වූ එම පර්යේෂණ වාර්තාවට අනුව පියයරු පිළිකාවෙන් බේරීමටත්, එම රෝගී තත්ත්වයට ප්‍රතිකාර කිරීමටත් අලුත් මංපෙත් විවර වනු ඇති බවද කියැවෙයි.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වා ඇති බ්‍රිතාන්‍යයේ පිළිකා පර්යේෂණ ආයතනය පෙන්වා දී ඇත්තේ මෙම නව සොයා ගැනීම අලුත් පරිච්ඡේදයක ආරම්භයක් බවයි. මේ සමගම පිළිකා ප්‍රතිකාර සඳහා අලුත් ඖෂධ වර්ග හඳුන්වාදීමට හැකිවනු ඇති බවද ඔවුන් පෙන්වා දෙයි.
මෙම නව සොයා ගැනීමට අනුව, සෞඛ්‍ය සම්පන්න පටකයක්, පිළිකා ඇති කරන පටකයක් බවට පෙරළීම සඳහා මිනිස් ශරීරයේ ඩී.එන්.ඒ. වෙනස්වීම් හඳුනාගැනීමට වෛද්‍යවරුන්ට අවස්ථාව සලසා දෙනු ඇත.