පැපුවා නිව්ගිනියාවට බටහිරින් මුහුදේ ඇති වූ රික්ටර් පරිමාණ 7.9ක භූ කම්පනයක් සමග සුනාමි අනතුරු ඇඟවීමක් සිදුකර තිබේ.
ඇමෙරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනයට අනුව පැන්ගූනා නගරයෙන් බටහිරට කිලෝමීටර් 40ක් ඔබ්බෙන් කිලෝ මීටර් 153ක් අභ්‍යන්තරයේ භූ කම්පනයේ අපිකේන්ද්‍රය පිහිටි බව කියැවෙයි.
එහිදී, පැසිෆික් සුනාමි අනතරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින් පැපුවා නිව්ගිනියා සහ සොලමන් දූපත් ආශ්‍රිතව මීටරයක පමණ උස උදම් රළ ඇතිවීමේ සුනාමි අවදානමක් නිකුත් කර තිබුණි.
එරට වේලාවෙන් සවස 2.30ට පමණ ඇති වී තිබෙන භූ කම්පනය මූලිකවම රික්ටර් පරිමාණ 8.0 ක භූ කම්පනයක් ලෙස සටහන් වුවත්, පසුව එය 7.9 දක්වා පහළ දමා තිබුණි.
කෙසේ වෙතත්, භූ කම්පනය 72,000කට අධික ජනතාවකට දැනී ඇති අතර, භූ කම්පනය හේතුවෙන් සිදුව ඇති අලාභානි පිළිබඳව මෙතෙක් වාර්තා වී නොතිබුණි.