මෙක්සිකෝ ජනතාවට බලවත් තර්ජනයක්ව ඇති ස්ථුලභාවය පිටුදැකීම වෙනුවෙන් එරට රූපවාහිනීවල ප්‍රචාරය කෙරෙන අධික කැලරි සහිත ආහාර සහ පැණි බීම වෙළෙඳ දැන්වීම් සීමා කිරීමේ වැඩපිළිවෙළක් අරඹා ඇති බව වාර්තා වෙයි.
ඒ අනුව, සතියේ දිනවල සවස 2.30 සිට රාත්‍රී 7.30 දක්වා කාලය තුළත්, සති අන්තයේ උදෑසන 7.30 සිට රාත්‍රී 7.30 දක්වාත් වහාම ක්‍රියාත්මක වන පරිදි මෙම දැන්වීම් පළ කිරීම තහනම් කර ඇති බව කියැවෙයි.
එමෙන්ම, මෙම තහනම චිත්‍රපට දර්ශනවලටද ඇතුළත් කර ඇති බව මෙක්සිකෝ රජය පවසයි.
මෙක්සිකෝවේ සෞඛ්‍ය බලධාරීන් පෙන්වාදෙන පරිදි එරට ජීවත් වන ජනගහනයෙන් 70%ක් වැඩිහිටියන් සහ 30% දරුවන් අධික ස්ථුලතාවයෙන් පසුවෙයි.