ලොව දෙවැනි උසම කන්ද ලෙස සැලකෙන පාකිස්තානයේ K2 කඳු මුදුන වෙත ළඟා වීමට එරට කඳු නගින්නන් කණ්ඩායමක් අද (26දා) සමත්ව ඇත්තේ, එම කන්ද තරණය කළ ප්රථම පාකිස්තාන ජාතිකයන් පිරිස ලෙස වාර්තා පොතට එක් වෙමිනි.
පාකිස්තාන - චීන දේශසීමා ආසන්නව උතුරුදිග පිහිටි මෙම කන්ද තරණය කිරීමේ හය දෙනෙකුගෙන් යුතු කඳු නගින්නන් කණ්ඩායමට නායකත්වය දී ඇත්තේ 24 හැවිරිදි අලි ඩුරානි විසිනි.
ඉතාලි ජාතික කඳු නගින්නන් කණ්ඩායමක් 1954 දී එවරස්ට් කන්දට පමණක් දෙවැනි වන ලෝකයේ දෙවැනි උසම කන්ද ලෙස සැලකෙන K2 ප්රථම වරට තරණය කරන ලදී.
එහි 60 වැනි සැමරුම වෙනුවෙන් තම රට වැසියන් කණ්ඩායමක් දැක්වූ සමත්කම විශාල ජයග්රහණයක් හැටියට පාකිස්තාන කඳු නගින්නන් සලකන බව එරටින් වාර්තා වෙයි.
නැගීමට ඉතාමත් දුෂ්කර සහ අනතුරුදායක කන්දක් ලෙස සැලකෙන මෙහි මුදුනට ළඟා වීමට උත්සාහ කළ බොහෝ දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවද කියැවෙයි.