පාකිස්තානය නව ඇමති මණ්ඩලයක් පත්කර ගනී
පාකිස්තානයේ නව ජනාධිපතිවරයා ලෙස ෂාහිඩ් අබ්බාසි ධුරයේ දිවුරුම්දීමත් සමග නව අමාත්‍ය මණ්ඩලයක් පත්කර ගැනීම සිදුව තිබේ.
දූෂණ චෝදනාවලට ලක්වූ හිටපු අගමැති නවාස් ෂරීෆ් මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වීමත් සමග නව අගමැති ලෙස ෂාහිඩ් පාර්ලිමේන්තු ඡන්දයකින් පත්කර ගැනුණේ මන්ත්‍රී ඡන්ද 342න්, 221ක් ලබාගනිමිනි.
කෙසේ වෙතත්, මෙම නව කැබිනට් මණ්ඩලයේදී හිටපු මුදල් ඇමති ඊෂාක් ධාර්ගේ ධුරය වෙනස් කර නොමැති වීමද විශේෂත්වයකි. මන්දයත්, ඔහු පිළිබඳවද අපරාධ පරීක්ෂණයක් සිදුකරන ලෙස පාකිස්තාන ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබියදී මෙම පත්කිරීම සිදුකර ඇති බව විදෙස් වාර්තා පවසයි.
එමෙන්ම, හිටපු අග්‍රාමාත්‍යවරයාගේ සමීප හිතවතෙකු ලෙස සැලකෙන කවාජා අසීෆ් ආරක්ෂක, බලශක්ති සහ විදේශ කටයුතු අමාත්‍යවරයා ලෙස පත්කර ඇත.
වත්මන් අග්‍රාමාත්‍ය ෂාහිඩ් අබ්බාසි අන්තර්වාර අග්‍රාමාත්‍යවරයෙකු ලෙස කටයුතු කරනු ඇති අතර, ඉදිරියේදී නවාස් ෂරීෆ් සොයුරු ෂාබාස් ෂරීෆ් අගමැති ධුරය සඳහා සූදානම් වෙමින් සිටියි.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
