බැක්ටීරියා ප්‍රභේදයකට ප්‍රතිකාර කිරීමේදී ලබා දිය හැකි අවසන් ප්‍රතිජීවක ඖෂධ ලබාදුන්නද ඉන් ප්‍රතිඵල නොලැබෙන තත්ත්වයක් පවතින බව චීන පර්යේෂණයකින් හෙළි වී තිබේ.
ලෝක සෞඛ්‍ය සංවිධානය මේ සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමුකරමින් පෙන්වා දෙන්නේ ඊට කඩිනම් පියවර ගත යුතු බවයි.
මෙම බැක්ටීරියාව දැනටමත් චීනයෙන් සහ මැලේසියාවෙන් සොයා ගෙන ඇති බවත්, එම බැක්ටීරියාව ලෝක මට්ටමින් පැතිර යාමේ අවදානමක් පවතින බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය කියයි.
ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ සියලු ප්රතිජීවකවලට සමහර බැක්ටීරියා මර්ධනය කිරීමට නොහැකි වීම නිසා මිනිසුන් දැනටමත් මිය බවයි.