පුද්ගලයන් 32 දෙනෙකුට මරු කැඳවමින් 2012 ජනවාරි මාසයේදී ඉතාලියේ ගිග්ලියෝ දූපත ආසන්න මුහුදේ ගිලී ගිය කොස්ටා කොන්කෝඩියා නෞකාව විශාල ධනස්කන්ධයක් යොදවා නැවත ජලය මතට ගැනීමෙන් පසු, එය ගෙනෝආ වරාය වෙත ගමන් අරඹා ඇති බව කියයි.
මෙය නෞකාව නැවත වරාය වෙත ගෙනයෑම සඳහා සිදුකළ මෙහෙයුම නාවුක ඉතිහාසයේ සිදුකළ දැවැන්තම මෙහෙයුමක් වූ බවද කියැවෙයි.
මෙම නෞකා අනතුරට වැරදිකරු ලෙස නෞකාවේ කපිතාන් ෆ්රැන්සෙස්කෝ ෂෙටීනෝ වෙත චෝදනා එල්ල වී ඇති අතර, මනුෂ්‍ය ඝාතනය හා සේවය පැහැර හැරීම යන චෝදනාවන්ට වැරදිකරු වුවහොත් ඔහුට වසර 20ක වත් සිරදඬුවමක් නියම වෙනු ඇති බවකියැවෙයි.