ප්‍රංශයේ, නීස් නගරයේදී ජනතාව මතින් ට්‍රක් රථයක් ධාවනය කර මහා මනුෂ්‍ය සංහාරයක් සිදුකළ ටියුනීසියානු ජාතික ත්රස්තවාදියා, ඊට පෙර දිනවලද එම මාර්ගයේ ගමන් කරමින් ප්‍රහාරය සැලසුම් කර ඇති බව හෙළිවී තිබේ.
මොහොමඩ් ලහොඒඉජ් බුල්ලා නමැති මොහු එම ලොරි රථයේම නැගී නීස් හි වෙරළ තීරය අසල මාර්ගයේ ප්‍රහාරයට පෙර අඟහරුවාදා සහ බ්‍රහස්පතින්දා යන දිනවලද ගමන් කර ඇති බව මූලික පරීක්ෂණවලින් අනාවරණය වී ඇත.
මෙම ප්‍රහාරයේ වගකීම IS ඉස්ලාම් රාජ්‍ය ත්රස්තයන් විසින් භාරගෙන තිබූ අතර, මේ වනවිට ප්‍රහාරය සම්බන්ධයෙන් පුද්ගලයන් 06 දෙනෙකු අත්අඩංගුවේ පසුවෙයි.
එහිදී, කාන්තාවක හා පුරුෂයෙකු ඉරිදා උදෑසන අත්අඩංගුවට පත්වූ බව ප්‍රංශ බලධාරීහු පවසති.
ඔහු ප්‍රහාරයට පෙරදින එම මාර්ගයේ ගමන් කරන දසුන්, අසල වූ සී.සී.ටී.වී. කැමරා නිරීක්ෂණය කිරීමෙන් පසුව හඳුනාගෙන ඇත.
කෙසේ වෙතත්, මෙම ප්‍රහාරයේදී ආරක්ෂක හිදැස් පැවති බවට ප්‍රංශ බලධාරීන් වෙතද චෝදනා එල්ලවී තිබේ.
මාස 18ක කාලය තුළ ප්‍රංශයට එල්ල වූ දරුණුතම ප්‍රහාරයක් ලෙස සැලකෙන මෙම ප්‍රහාරයේදී පුද්ගල ජීවිත 84ක් අහිමි වූයේ කුඩා දරුවන්ද ඇතුළුවය.
ඒ අනුව, ප්‍රංශයේ ආරක්ෂාව තරකරනු වස් අතිරේක පොලිස් නිලධාරීන් 12,000ක් යෙදවීමට රජය තීරණය කර තිබේ.