ප්‍රංශය පුරා දුම්රිය කාර්ය මණ්ඩය දියත් කළ අඛණ්ඩ වැඩවර්ජනයක් නිසා සති අන්තය දක්වා එරට දුම්රිය ගමනාගමනය අඩාල වී තිබේ.
පසුගිය අඟහරුවාදා ආරම්භ කළ මෙම වැඩවර්ජනය දුම්රිය ඉතිහාසයේ දීර්ඝතම වැඩවර්ජනයක් බවට පත්ව තිබෙන අතර, වැඩවර්ජනය හේතුවෙන් නගරාන්තර දුම්රිය අඩක් පමණත්, සාමාන්‍ය දුම්රිය ඊටත් වඩා වැඩි ප්‍රමාණයක් ගමන් කිරීමෙන් ඉවත්ව තිබේ.
එස්.එන්.සී.එෆ් දුම්රිය සේවය සමග ආර්.එෆ්.එෆ් දුම්රිය ජාලය ඒකාබද්ධ කිරීමේ වැඩපිළිවෙළකට ප්‍රංශ රජය ක්‍රියාකරමින් සිටින අතර, මේ හේතුවෙන් දුම්රිය සේවකයන්ගේ රැකියා කප්පාදුවක් විය හැකි යැයි බියෙන් මෙම වැඩවර්ජනය දියත් කර ඇති බව වාර්තා වෙයි.
එරට පාසල් අවසන් විභාග පැවැත්වෙන කාලසීමවේදී මෙම වැඩවර්ජනය දියත් කිරීම හේතුවෙන් බොහෝ පාසල් සිසුන්ට ඉන් බලපෑමක් සිදුව ඇති බව කියැවෙයි.