නවසීලන්තයේ දකුණුදිග දූපතට අද අලුයම රික්ටර් මාපාංක 6.0 ක ප්‍රබල භූ කම්පනයක් සිදුව ඇති අතර, පසු කම්පන සම්බන්ධයෙන් එරට බලධාරීහු ජනතාවට අනතුරු අඟවා තිබේ.
කෙසේ වෙතත් මෙම භූ කම්පනයෙන් සිදුවූ ජීවිත හානි හෝ දේපළ හානි පිළිබඳ මෙතෙක් වාර්තා වී නොමැත.
2011 වසරේදී ක්‍රිස්ට්චර්ච් වෙත බලපෑ ප්‍රබල භූ කම්පනයෙන් පසු එරට ඇති වූ ප්රබලතම භූ කම්පනය ලෙස මෙය සැලකෙයි.
මෙය වඩාත් දරුණු ගණයේ භූ කම්පනයක් බවත්, එය පොළොව අභ්යෙන්තරයේ කිලෝමීටර් 5ක් ගැඹුරින් සිදුව ඇති බවත් පැවසෙයි.
ප්‍රබල කම්පනයෙන් පසු පැයක් තුළ පසු කම්පන 30ක් පමණ වාර්තා වී ඇති අතර, ඉන් ප්‍රබලම කම්පනයද රික්ටර් මාපාංක 4.2ක් ලෙස සටහන් වී තිබේ.