නවසීලන්තය වෙත එදාමෙදා තුර රැගෙන ආ විශාලතම කොකේන් මත්ද්‍රව්‍ය තොගය අත්අඩංගුවට ගත් බව එරට බලධාරීහු පවසති.
නවමු ක්‍රමයක් අත්හදා බලා ඇති ජාවාරම්කරුවන් අලංකාරවත් ලෙස සැකසූ අශ්ව හිසක් ඇතුළත සඟවා මෙම මත්ද්‍රව්‍ය තොගය එරට වෙත එවා ඇති අතර, එහි ඇ.ඩො.මිලියන 10ක් වටිනා කොකේන් පැවති බව කියයි.
මෙම මත්ද්‍රව්‍ය තොගය මෙක්සිකෝවේ සිට ඔස්ට්‍රේලියාව වෙත එවූ නැව් භාණ්ඩ තොගයක් අතර තිබියදී සොයාගෙන ඇත.
මෙම ජාවාරම සම්බන්ධයෙන් ඇමෙරිකානු ජාතිකයෙකු හා මෙක්සිකෝ ජාතිකයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවත්, කිලෝ ග්‍රෑම් 365ක් බර මෙම අශ්ව හිස මීටරයක් පමණ උසින් යුතු බවත් කියැවෙයි.