දකුණු සුඩානයේ නයිල් ගංඟාවේ පාලම් පාරුවක් පෙරලීමෙන් සාමාන්‍ය වැසියන් 200කට අධික පිරිසක් මරණයට පත්ව ඇති බව වාර්තා වෙයි. දකුණු සුඩානයේ මලකාල් නගරයේ හටගත් ගැටුම් හේතුවෙන් එහි සිට පලායමින් සිටි සිවිල් වැසියන් මෙසේ මියගොස් ඇති අතර, ඉන් බහුතරයක් ළමුන් සහ කාන්තාවන් බවද කියැවෙයි.
මෙම පාලම් පාරුවේ මිනිසුන් 200 ත්, 300ත් අතර පිරිසක් ගමන් කර ඇති බවද, එම අවස්ථාවේදී පාලම් පාරුවට දැරිය නොහැකි මට්ටමට මිනිසුන් එහි පටවාගෙන ගොස් ඇති බවද වැඩිදුරටත් වාර්තා වෙයි.