කන් දෙක කපා මරා දැමුණු කෝලා වලසෙකු ඔස්ට්‍රේලියාවේදී හමුවීමත් සමග එරට තුළ දැඩි ආන්දෝලනයක් ඇතිව තිබේ.
මෙල්බර්න් නගරයට කිලෝමීටර් 250ක් පමණ බටහිරින් වූ වොර්නම්බූල් හි මාර්ගයක් අසලදී මෙම අසරණ සත්වයා හමුවී ඇති බව කියැවෙයි.
ඔස්ට්‍රේලියාවට ආවේණික සත්වයෙකු ලෙස සැලකෙන කෝලා වලසුන් වෙත මෙවැනි අමානුෂිකත්වයක් දැක්වූවන්ට එරෙහිව වහාම නීතිමය පියවර ගත යුතු බව වනසත්වවේදීහු පවසති.
කෙසේ වෙතත්, මෙම සත්වයාගේ කන් කපා ගන්නා විට එම සතා පණ පිටින් සිටියේද යන්න පැහැදිලි නොමැති බව සිද්ධිය පිළිබඳ පරීක්ෂණ පවත්වන බලධාරීහු පවසති.
ඔස්ට්‍රේලියාවෙ කැන්ගරුවන් ඉලක්ක කරමින්ද මේ ආකාරයේ විවිධ වදහිංසා සිදුකළ අවස්ථා වරින් වර අසන්නට ලැබෙන බව පවසන පොලීසිය මෙයද ඒ ආකාරයේම මානසික ව්‍යාධියක ප්‍රතිඵලයක් විය හැකි බව පෙන්වා දෙයි.