ඉන්දියාවේ දිල්ලි නගරයේ පවතින අධික වායු දූෂණය හේතුවෙන් නගරයට ඇතුළු වන පෞද්ගලික රථ වාහන සීමා කිරීමට දිල්ලි බලධාරීන් සූදානම් බව විදෙස් වාර්තා පවසයි.
ඒ අනුව, ආරම්භයක් ලෙස සති දෙකක කාලයක් ඔත්තේ සහ ඉරට්ටේ සංඛ්‍යාවලින් යුතු රථ වාහනවලට නගරයට ඇතුළු වීම සඳහා දින වෙන් කිරීමක් සිදුකිරීමට සැරසෙයි.
කෙසේ වෙතත්, හදිසි අවශ්‍යතා සඳහා යොදා ගන්නා රථ වාහන ලෙස සැලකෙන ගිලන්රථ, පොලිස් රථ හා ගිනි නිවන රථ සහ ටැක්සි රථවලට මෙම නීතිය බල නොපාන බවද බලධාරීහු පවසති.