දස හැවිරිදි දැරිය දූෂණය කළ දෙවැනි මාමාත් දැලේ
ඉන්දියාවේ දූෂණයට ලක්වූ වයස අවුරුදු 10ක දැරියට දාව උපන් දරුවාගේ පියා සොයාගැනීම සඳහා ඇයගේ දෙවැනි මාමාවද අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි.
මීට පෙර මෙම ළමා අපචාරය සම්බන්ධයෙන් ඇයගේ මාමා කෙනෙකු අත්අඩංගුවට පත්වූ අතර, පසුව දරුවාගේ හා මාමාගේ ඩී.එන්.ඒ. පරීක්ෂණ සිදුකිරීමේදී ඒවා නොගැළපීමෙන් තවත් සැකකරුවෙකු පිළිබඳ සැකය අලුත් විය.
කෙසේ වෙතත්, මෙම සිදුවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්වූ පළමු වැනි සැකකාර මාමාද තවමත් අත්අඩංගුවේ පසුවන බවද වාර්තා වෙයි.
ඒ අනුව, මෙම දෙවැනි මාමා අත්අඩංගුවට පත්වීම ඊයේ පසුගිය අඟහරුවාදා දිනයේ සිදුවූයේ දරුවා විසින් සිදුකරන ලද පාපොච්චාරණයක් හේතුවෙනි.
38 හැවිරිදි වියේ පසුවන මෙම දෙවැනි මාමාද තමාව අතවරයට පත්කළ බව දැරිය පවසා තිබේ. ඒ අනුව, ඔහුගේ ඩී.එන්.ඒ. පරීක්ෂණයක් සිදුකිරීම සඳහා පොලීසිය අධිකරණයේ අවසරය ලැබෙන තෙක් බලා සිටී.
ඒ අනුව, මෙම 10 හැවිරිදි දැරියගේ අනුවේදනීය කතා ප්රවෘත්තිය මේ වනවිට ඉන්දීයාව තුළ ආන්දෝලනයක් ඇති කර තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

