බටහිර ඔස්ට්‍රේලියානු කලාපයෙන් අතුරුදන්ව ගොස් සිටි බව විශ්වාස කෙරුණු දුර්ලභ ක්ෂීරපායී සත්වයෙකු යළි දශක කිහිපයකට පසුව එම ප්‍රදේශයෙන්ම හමුවීමේ පුවතක් වාර්ත වෙයි.
කළු දෙපා සහිත ගස් මීයන් ලෙස සැලකුණු මෙම ක්ෂීපායී සත්ත්ව විශේෂය එම පළාතේ වනාන්තර ආශ්‍රිතව සිදුකළ රාත්‍රී සංචාරයකදී ඇස ගැටී තිබේ.
ඒ අනුව, මාස කිහිපයක් එම වනාන්තර ආශ්‍රිතව අටවා තිබූ කැමරා සටහන්වල මෙම සත්වයන් තවදුරටත් මිහිමත සිටින බව තහවුරු වී ඇත.
දශක තුනකට පසුව මෙම සතුන් පිළිබඳ යළි තොරතුරක් ලබාගැනීමට හැකිවීම විද්‍යාඥයන් මහත් හරසරින් සමරා ඇති බවද සඳහන් වෙයි.
ඔස්ට්‍රේලියාවට ආවේණික මෙම ගස් මීයන් විශේෂය තද කළු වර්ණයෙන් යුතු දෙපාවලින් සහ දිගැටි කළු හා සුදු වල්ගයකින් යුතු සත්ත්වයෙකි.
සාමාන්‍යයෙන් වැඩුණු මෙවැනි සත්ත්වයෙකුගේ බර ග්‍රෑම් 800ක් පමණ වන අතර, රන් හිස ඇති ග්‍රෑම් 200ක් පමණ බර ගස් මීයන් සමග මොවුන්ගේ පොදු ලක්ෂණයන් දැකිය හැකි බවද විද්‍යාඥයෝ පවසති.