තෙරේසා මවු තුමියගේ අනුප්‍රාප්තිකයා වූ නිර්මලා සොහොයුරිය ස්වර්ගස්ථ වූ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
කොල්කටා නගරයේ පැවති පුණ්‍යායතනයේ පාලිකාව ලෙස කටයුතු කළ තේරේසා මවුතුමිය ස්වර්ගස්ථ වීමෙන් පසු, එහි භාරකාරීත්වය නිර්මලා සෙහොයුරියට පැවරුණි.
තේරේසා මවුතුමිය 1997 වසරේදී ස්වර්ගස්ථ වීමෙන් පසු 2009 වසරේදී එම පුණ්‍යායතනයේ භාරකාරීත්වය මේරි ප්‍රේම් සොහොයුරිය වෙත පැවරෙන තෙක්ම වසර 12ක කාලයක් ඇය එහි කටයුතු කර තිබුණි.
ඇය ස්වර්ගස්ථ වන විට අවුරුදු 81ක් ආයු වළඳා තිබුණි.