තායිවානයේ වෝටර් පාක් වින්දන උද්‍යානයේ ඇති වූ ගින්නෙන් දැඩි පිළිස්සුම් ලබා සිටි තරුණියක් ජීවිතක්ෂයට පත්ව තිබේ.
ලී පෙයි-යූ නමැති 20 හැවිරිදි තරුණිය කෘත්‍රිම ශ්වසනය ලබමින් සිටියත්, දෙමවුපියන්ගේ අවසරය ඇතිව ඇය එම යන්ත්‍රයෙන් ඉවත් කිරීමට වෛද්‍යවරු තීරණය කර ඇත්තේ දැඩි පිළිස්සුම් තත්ත්වයන් හේතුවෙන් ඇගේ ජීවිතය බේරාගැනීම අපහසු බැවිනි.
ඇගේ ශරීරයෙන් 90% ක් පිළිස්සී තිබී ඇති අතර, 500කට වැඩි පිරිසක් තුවාල ලැබූ අනතුරෙන් ජීවිතය හානි වූ ප්‍රථම තැනැත්තිය බවට ඇය පත්ව තිබේ.
වින්දන උද්‍යානයේ උත්සවයක් අවස්ථාවක වර්ණ ගැන්වූ කුඩක් පිපිරීමෙන් මෙම ගින්න ඇති විය.