තායිලන්ත විරුද්ධ පක්ෂ රැලියකට දරුණු ප්‍රහාරයක්
නැගෙනහිර තායිලන්තයේ රාජ්‍ය විරෝධී රැලියකට තුවක්කුකරුවන් විසින් එල්ල කළ විවෘත වෙඩි තැබීමකින් වයස අවුරුදු 5ක කුඩා දරුවෙකු මියගොස් තවත් විශාල පිරිසක් තුවාල ලබා ඇති බව වාර්තා වෙයි.
ජනතා ප්රජාතන්ත්රවාදී ප්‍රතිසංස්කරණ කමිටුව විසින් සංවිධානය කර තිබූ රැලියට එල්ල වූ මේ ප්‍රහාරයේදී, ඊට සම්බන්ධ පුද්ගලයන් විසින් පුපුරණ ද්‍රව්‍ය දමාගැසීම් හා වෙඩි තැබීම් සිදුකළ බව සිද්ධිය ඇසින්දුටුවෝ පවසති.
දකුණුදිග තායිලන්තයේ, ට්රැට් පළාතේ, ඛාඕ සාමින්ග් දිස්ත්‍රික්කයේ රාත්‍රී වෙළෙඳ සැලක් ආශ්‍රිතව ඊයේ රාත්රියේදී මෙම රැලිය පැවැත්වෙද්දී ප්‍රහාරය එල්ලවී තිබේ.
පසුගිය නොවැම්බර් මාසයේ සිට තායිලන්තය පුරා රාජ්‍ය විරෝධී උද්ඝෝෂණ මාලාවක් ක්‍රියාත්මක වන අතර, මේ ආකාරයෙන් විපක්ෂ විරෝධතා රැලිවලට ප්‍රහාර එල්ල කිරීම් එහිදී සුලභ විය.
තායිලන්ත අගමැතිනී යින්ග්ලක් ෂිනවත්‍රා ධුරයෙන් ඉල්ලා අස්වී, අන්තර්වාර රජයක් පත්කර මැතිවරණයක් පැවැත්වීම උද්ඝෝෂකයන්ගේ ඉල්ලීම වුවත් අගමැතිනිය ඒ ඉල්ලීම තරයේ ප්‍රතික්ෂේප කර සිටී.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

