තායිලන්ත ජුන්ටාව ඇඳිරි නීතිය ඉවත් කරයි
තායිලන්තයේ බලය අල්ලාගත් හමුදා ජුන්ටාව විසින් රට පුරා ක්‍රියාත්මක වන ඇඳිරි නීතිය ඉවත් කිරීමට පියවර ගෙන තිබේ.
රාත්‍රී 10.00 සිට උදෑසන 5.00 දක්වා ඇඳිරිනීතිය ක්‍රියාත්මක වූ අතර, ජෙනරාල් ප්‍රයුත් චාන්-ඕචා විසින් මෙසේ ඇඳිරි නීතිය ඉවත් කිරීමට පියවර ගෙන තිබේ.
දැනට පවතින තත්ත්වය යහපත් නිසා මෙන්ම, රටේ සංචාරක ව්‍යාපාරයට බලපෑමක් එල්ල වන නිසා මෙසේ ඇඳිරි නීතිය ඉවත් කිරීමට පියවර ගෙන ඇති බව වාර්තා වෙයි.
මේ අතර, පසුගිය මස හමුදා පාලකයින් විසින් තායිලන්තය අත්පත් කර ගැනීමත් සමග දහස් ගණනින් කාම්බෝජ සංක්‍රමණිකයන්ට තම ගම රට බලා යාමට සිදු වී ඇති බවද කියැවෙයි.
රැකියාවල නියුතු සියලුම අනවසර සංක්‍රමණිකයන් අත් අඩංගුවට ගෙන පිටුවහල් කරන බවට හමුදා පාලකයින් අවධාරණය කිරීමත් සමග මේ තත්ත්වය උදාවී ඇති බව කියැවෙයි.
ජෙනරාල් ප්‍රයුත් චා-ඕචා පවසන්නේ සැප්තැම්බර් මාසයට ප්‍රථම අන්තර් ආණ්ඩුවක් පිහිටුවීමට තමන් කටයුතු කලත් මැතිවරණය වසරක් පමණ කල් දමන බවය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

