තායිලන්තයේ අගමැති ප්‍රයුත් චාන්-ඕචා විසින් රචනා කරනලද නවතම පොප් රැල්ලේ ගීතය ජනතාව අතර ජනප්‍රියත්වයට පත්ව නොමැති බව මාධ්‍ය වාර්තා පවසයි.
යූටියුබ් ජාලයට එක්ව ඇති මෙම නවතම ගීතයට ලැබී ඇති ප්‍රතිචාර ඉතා අවම මට්ටමක පවතින අතර, ඒ කෙරෙහි ධනාත්මක ප්‍රතිචාර 1,000කටත් අඩු ප්‍රමාණයක් පවතින බවත් කියැවෙයි.
මෙම ගීතය ආදරවන්තයන්ගේ දිනයේදී ලැබුණු ත්‍යාගයක් ලෙස ඇතැම් තායිලන්ත ජාතිකයන් මුලින් අර්ථ ගැන්වූවත්, එය ප්‍රචාරය වීමේදී ගීතය ජනතාව වැළඳ ගැනීම ඉතා පහළ මට්ටමක පැවතී ඇත.
2014 වසරේ තායිලන්ත හමුදා කුමන්ත්‍රණයට නායකත්වය සැපයූ ප්‍රයුත් මෙම ගීතය රචනා කර ඇති අතර, තායි හමුදා සාමාජිකයෙකු විසින් මෙය ගායනය කර තිබේ.