තමිල්නාඩු යුවළක් උණුසුම් වායු බැලූනයක නැගී උඩුගුවනේදී විවාහ වෙයි
උණුසුම් වායු බැලූනයක නැගී උඩුගුවනට ගිය තමිල්නාඩු යුවළක් ඒ මතදී තම විවාහ මංගල උත්සවය පැවැත්වූ බව කියන විශේෂ පුවතක් ඉන්දියාවෙන් වාර්තා වෙයි.
‘අයිස් ඉන්වෙන්ට්ස්’ නමැති ආයතනය විසින් මෙය සංවිධානය කර තිබූ අතර, එහි කළමනාකාර අරුන් සෙල්වරාජන් පවසන්නේ මෙය ආරම්භයක් පමණක් බවයි.
“මිනිසුන් සෑම විටම කල්පනා කරන්නේ අලුතින් යමක් කළ යුතු බවයි. ඒ අනුව, උණුසුම් වායු බැලූනයක පැවැත්වූ පළමු වැනි විවාහය අප මෙසේ පැවැත්වූවා.” යැයි අරුන් පවසයි.
ඒ අනුව, වායු බැලූනය අඩි 200ක් පමණ ගුවනේ ඉහළ ගිය විට ‘ජෙයිමාලා’ හෙවත් ‘වර්මාලා’යනුවෙන් හඳුන්වන උතුරු ඉන්දීය චාරිත්රය අනුව මනාල යුවළ මංගල මාල හුවමාරු කර ගත් බවද හෙතෙම පවසයි.
බොහෝ විට තමිල්නාඩු වැසියන් මෙවැනි විවාහ මංගල උත්සව පවත්වන්නේ තම සමාජ තත්ත්වය ඉහළ නංවා ගැනීමටය. ඒ අනුව, ස්වකීය සමාජ තත්ත්වය ප්රදර්ශනය කිරීම සඳහා විශාල මුදලක් වැය කරමින් සිදු කෙරෙන මෙවැනි විවාහ මංගල උත්සව තමිල්නාඩුවේ වැඩි වෙමින් පවතී.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

