ජපානයේ ප්‍රකට ඉලෙක්ට්‍රොනික නිෂ්පාදන සමාගමක් වන ටොෂිබා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි මෙන්ම සභාපතිවරයාද වන හිසාඕ ටනාකා අද (21දා) සිය ධුරයෙන් ඉල්ලා අස්විය.
ටොෂිබා සමාගම පසුගිය වසර 6ක කාලයකදී සිය ලාභ පිළිබඳ විස්තර අතිශෝක්තියෙන් ප්‍රසිද්ධියට පත් කිරීම මේ සඳහා හේතුව වී ඇත.
ටනාකාට අමතරව ටොෂිබාහි උප සභාපතිවරයාද මෙලෙස ඉල්ලා අස්වී ඇති අතර, ඔහුගෙන් හිස්වන ධුරය සඳහා මසාෂි මුරෝමචි පත්වීමට නියමිත බව එම සමාගම පවසයි.