පිලිපීනය තුළ පසුගිය ජනවාරි මාසයේදී සිදුකළ මෙහෙයුමකදී මැලේසියානු සටන් නායකයෙකු වූ මර්වාන් ජීවිතක්ෂයට පත්වූ බව ඇමෙරිකානු FBI ආයතනය තහවුරු කරයි.
ජෙමා ඉස්ලාමීය නමැති ඉස්ලාමීය අන්තවාදී සටන් කණ්ඩායමේ නායකත්වය ඉසිලූ මර්වාන්, ෆුල්කිෆ්ලි බින් හර් නමින්ද හැඳින්වෙයි.
දකුණුදිග පිලිපීනයේදී සිදුවූ මෙම මෙහෙයුමේදී පොලිස් කමාන්ඩෝ භටයන් 44 දෙනෙකුද ජීවිතක්ෂයට පත්වූහ. එමෙන්ම මෙය ඔහුගේ මරණය සම්බන්ධයෙන් වූ ප්‍රථම නිල ප්‍රකාශය බවද කියැවෙයි.
අධිකරණ වෛද්‍ය නිලධාරී මතයට අනුව ඔහුගේ මරණය තහවුරු වූ බව FBI ආයතනය පවසයි.