104 වැනි වියට එලැඹි විද්‍යාඥ ඩේවිඩ් ගුඩෝල් තමන් උපත ලද ඔස්ට්‍රේලියාවට සමුදෙමින් තම ජීවිතයේ අවසාන කාල පරිච්ඡේදය ලොව වටා ගමන් කිරීමට සැරසෙයි.
ජීව විද්‍යාඥයෙකු සහ උද්භිත විද්‍යාඥයෙකු ලෙස ප්‍රකට ගුඩෝල් මේ වනවිට සිය ජීවිතයේ ශතකය පසුකර තිබුණත්, ඔහු දරුණු රෝගාබාධයකින් නොපෙළෙන බවද කියයි.
නමුත්, මෙම ලොව වටා සංචාරය හරහා තමන්ගේ ජීවන ගමනේ අවසානය සිදුවනු ඇති බවද ඔහුගේ බලාපොරොත්තුව වී තිබේ.
ශරීර ශක්තිය ක්‍රමයෙන් හීනවෙමින් පවතින විට, තම ස්වාධීනත්වයද ක්‍රමයෙන් පිරිහෙන බව පැවසූ ගුඩෝන්, තමන් මේ වනවිට සතුටින් නොමැති බවත්, තම මරණය ඉක්මන් වීම තමන්ට සැනසිල්ලක් බවත් හෙතෙම කියයි.