ඉස්ලාමීය රාජ්‍යයක් වෙනුවෙන් පෙළ ගැසෙන ජිහාඩ් සංවිධාන යුරෝපය පුරා තරුණ මුස්ලිම් ප්‍රජාව ඒ වෙත ආකර්ෂණය කරගැනීමේ ප්රයත්නයන් දරමින් සිටින බවත්, ඒවා වැළැක්වීම සඳහා එම රාජ්‍යයන් යුහුසුළුව කටයුතු කරන බවත් බී.බී.සී.ය පවසයි.
නෙදර්ලන්ත ජාතිකයන් 100ක් පමණ දැනටමත් සිරියාවේ හෝ ඉරාකයේ ජිහාඩ් සංවිධාන සමග එකතුව ඉස්ලාම් රාජ්‍යය වෙනුවෙන් සටන් වදින බව මේ වනවිට අනාවරණය වී ඇති අතර, මේ වනවිටත් තවත් සිය ගණනක් ජිහාඩ් සම්බන්ධතා සමග හඳුනා ගැනීමට හැකිවී තිබේ.
නෙදර්ලන්තයේ ප්‍රති-ත්‍රස්ත විමර්ශන ඒකකය නෙදර්ලන්තය තුළ ජිහාඩ් සංවිධානයේ ඉපදීමක් ලෙස මෙය හඳුන්වා ඇත.
හේග් හි ෂිල්ඩර්ස්වික් දිස්ත්‍රික්කයේ පසුගිය මාසයේදී ISIS දජය රැගෙන උද්ඝෝෂණයක යෙදෙන 20 දෙනෙකුගෙන් පමණ යුතු ජිහාඩ් සම්බන්ධතා ඇති මුස්ලිම් තරුණයන් පිරිසක් රැගත් වීඩියෝවක් අන්තර්ජාලයට මුසුකොට තිබුණු අතර, ඔවුන් ඉස්ලාමීය රාජ්‍ය වෙනුවෙන් මුස්ලිම් තරුණයන් ආකර්ෂණය කරගැනීමට මෙවැනි උපක්‍රමය යොදන බව අනාවරණය වී තිබේ.
එහිදී, ඇමෙරිකාව භංගවේවා, යුදෙව්වන්ට මරණය ආදී වූ වැකි ඔවුන්ගේ සටන් පාඨවලට යොදාගෙන තිබුණු බවද කියැවෙයි.
මේ තත්ත්වය තුළ මේ වනවිට යුරෝපය පුරා මුස්ලිම් තරුණයන්ට රැකියා සොයා ගැනීමේ දැඩි අවදානමක්ද ඇති වී තිබෙන අතර, අන්තවාදී පිරිසකගේ ක්රියාකලාපයක් නිසා සමස්ත මුස්ලිම් ප්‍රජාවම පාහේ යුරෝපය තුළ අසරණ වීමක් මේ වනවිට සිදුවෙමින් පවතින්නේ මුස්ලිම් භීතිකාවක් සමගිනි.