ජපානයේ හිරෝෂීමා දිස්ත්‍රික්කය ආශ්‍රිතව සිදුවූ දැවැන්ත නායයෑමෙන් මේ වනවිට ජීවිත 39ක් අහිමි වී ඇති බව බලධාරීහු පවසති.
එමෙන්ම, නායයෑම නිසා අතුරුදන් වී ඇති පුද්ගලයන් සංඛ්‍යාව 51 දක්වා ඉහළ ගොස් ඇති බවද පොලීසිය පවසයි.
අධික වර්ෂාව හේතුවෙන් සහන කටයුතුවලට බාධා පැමිණුනද, සහන සේවකයන් හා මුදා ගැනීමේ කණඩායම්වල 3,000ක පිරිසක් අඛණ්ඩව සෝදිසි මෙහෙයුම් සිදුකරන බව පැවසෙයි.
හිරෝෂිමා දිස්ත්‍රික්කයට බලපෑම අධික වර්ෂාව හේතුවෙන් මේ වනවිට ප්‍රදේශයේ 100,000ක පමණ ජනතාවක් ඉවත් කර ඇති බවද බලධාරීහු පවසති.