ජපානයේ නගරවලට කාලයක සිට කරදරයක් වී ඇති සුනඛ අසූචි ඇති තැන් සොයමින්, ඒවායින් නගරය අපිරිසුදු වීම පාලනය කිරීම සඳහා නව ඇප් වැඩසටහනක් හඳුන්වා දී තිබේ.
ඒ අනුව, මගතොට ගමන් කරන්නන්ට සුනඛ අසූචි ගොඩක් දුටුවිට එහි ඡායාරූපයක් ගෙන මෙම ඇප් වැඩසටහනට අප්ලෝඩ් කළ යුතු බව කියැවෙයි.
නගරයේ සුනඛ අසූචි අර්බුදයට වසරකට වැඩි කාලයක් පිළියම් සෙවූවද ඊට ගැළපෙන පිළිතුරක් සොයා ගැනීමට නොහැකි වීමෙන් මෙම ඇප් වැඩසටහන හඳුන්වාදුන් බව මධ්‍යම ඔසාකා පළාත් බලධාරීන් කියයි.
ඒ අනුව, මෙම සුනඛ අසූචි පිළිබඳ ඡායාරූපවලට අමතරව, එසේ අසූචිවලින් නගරය නිතර අපවිත්‍ර වන ස්ථාන පිළිබඳ විස්තරද මෙම ඇප් වැඩසටහනට එකතු කිරීමට නගරවාසීන්ට හැකියාවක් ලැබෙයි.
ඒ අනුව, ඡායාරූප අප්ලෝඩ් කරන්නන්ගේ ස්මාට් ජංගම දුරකථනය ලබාදෙන ස්ථානීය ජී.පී.එස්. දත්ත අනුව සුනඛ අසූචි ඇති ස්ථාන පිළිබඳ ඔන්ලයින් සිතියමක් මෙම ඇප් වැඩසටහන හරහා සකස් කෙරෙයි.
මෙම සිතියම මගින් ක්ෂණිකව ගොස් එම සුනඛ අසූචි ඉවත් කිරීමක් සිදු නොවුණත්, අදාළ තොරතුරු එකතු කිරීමෙන් සුනඛ අසූචි බහුල වශයෙන් පවතින ස්ථාන හඳුනාගැනීමට මෙන්ම, සුනඛ අසූචි ඉවත් කරන්නන් වැඩිපුර යෙදවිය යුතු ස්ථාන හඳුනාගැනීම හා ඔවුන්ගේ මුර සංචාරයන් කළමනාකරණය කිරීම ආදී දේ සිදුවන බව කියැවෙයි.