හොලිවුඩයේ ජනප්‍රිය චිත්‍රපට අධ්‍යක්ෂක වුඩී ඇලන් තමා විසින් දරුකමට හදාගත් දියණියට ලිංගික අතවර කළ බවට එල්ල වී ඇති චෝදනා නැවත වරක් ප්‍රතික්ෂේප කර ඇති බව පැවසෙයි.
නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පතට ලිපියක් ලියමින් වුඩී ඇලන් කියා සිටින්නේ ඔහුගේ හිටපු සහකාරිය වන මියා ෆරෝ විසින් සිය දියණිය තමාට එරෙහිව මෙහෙයවමින් මෙවැනි චෝදනාවක් ගෙනෙන බවය.
කෙසේ වෙතත් තමා හත් හැවිරිදි වියේ සිටියදී පියා තමන්ට බරපතල ලිංගික අතවරයක් කළ බව වුඩී ඇලන් දරුකමට හදා ගත් දියණිය වන ඩිලන් ෆරෝ පසුගිය සතියේදී මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබුණි.
නමුත් හැත්තෑ අට හැවිරිදි ජනප්‍රිය හොලිවුඩ් චිත්‍රපට අධ්යක්ෂ වූඩි ඇලන් කියා සිටින්නේ තමන්ගෙන් පලි ගැනීම සඳහා හිටපු සහකාරිය සිය දියණිය ‘ඉත්තෙකු’ කර ගෙන ඇති බවය.
ඩිලන් ෆරෝ තම පියාට එරෙහිව මෙසේ චෝදනා එල්ල කරන ප්‍රථම අවස්ථාව මෙය නොවෙයි. ඇය මීට පෙරද වුඩී ඇලන්ට එරෙහිව මෙම චෝදනාවම ඉදිරිපත් කළ අතර, එවරද ඔහු තමන් නිදොස් බව පවසමින් කතාව වසා දැමුවේය. ඩිලන් ෆරෝද පවසා සිටින්නේ ඔහු සිය ජනප්‍රියත්වය දඩමීමා කරගනිමින් අපරාධය වසන් කරන බවය.