චීනයේ ටියනෑන්මන් චතුරස්‍ර සැමරුම වැළැක්වීමට හමුදාව
චීනයේ ටියනෑන්මන් චතුරස්රයේ ශිෂ්‍ය විරෝධතා ව්‍යාපාර මැඬලීමේ විසිපස් වැනි සංවත්සර උදාවත් සමග දහස් ගණනක් හමුදාව නගරයේ ආරක්ෂාව තරකිරීම සඳහා යොදවා ඇති බව චීනයෙන් වාර්තා වෙයි.
මින් වසර 25කට පෙර පෙරට ගිය ශිෂ්‍ය විරෝධතා ව්‍යාපාරය සහ එය මර්දනය කෙරුණු ආකාරය සැමරීමේ හෝ සාකච්ඡාවට ගැනීමේ සියලු සැලසුම් ඒ අනුව තහනම් කරනු ලැබ ඇති බව කියැවෙයි.
ඒ අනුව, ටියනෑන්මන් චතුරස්රයට ළඟාවන ජනතාවගේ හැඳුනුම්පත් පරීක්ෂා කිරීමටද පියවර ගෙන ඇති අතර, ඔවුන් සෑම අයෙකුම දැඩි පරීක්ෂාවකට බඳුන් කරන බවද කියැවෙයි.
එමෙන්ම, යුද්ධ ටැංකි (tank) චතුරස්‍රය (square) සහ රුධිරය (blood) ආදී වචන උපයෝගී කර ගනිමින් අන්තර්ජාල තොරතුරු සොයායාමේ පිරික්සුම්වලට පවා අවහිර කරණු ලැබ ඇති බව වාර්තා වෙයි.
1989 දී ප්රජාතන්ත්රවාදය ඉල්ලා ටියනෑන්මන් චතුරස්රයේ නැගී සිටි ශිෂ්‍යයන් ඉන් ඉවත් කිරීමට යුද හමුදාව ගත් ක්‍රියාමාර්ගවලදී සිය ගණනක් මරා දැමුණු බව පැවසෙන අතර, ඇතැම් ඇස්තමේන්තු කිරීම්වලට අනුව මරා දැමුණ සංඛ්‍යාව දහස් ගණනක් බවද කියැවෙයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
