වියට්නාමයේ, බින් ඩොන්ග් ප්‍රාන්තයේ වීථිවලට කඩාවැදුණු 20,000ක් පමණ කම්කරුවන් විසින් ප්‍රහාර එල්ල කරමින් උද්ඝෝෂණ ව්‍යාපාරයක් අරඹා ඇති බව පැවසෙයි.
තම රටට අයත් බවට මේ මස මුලදී වියට්නාමය විසින් ප්‍රකාශයට පත්කරනු ලැබූ මුහුදු කලාපයට චීනය කැනීම් අට්ටාල ගෙන ඒමට විරෝධය පාමින් මෙම ප්රහාරයන් සිදුවී තිබේ.
මෙහිදී පුද්ගල හානි පිළිබඳව වාර්තාවී නොමැති වුවත්, ප්රචණ්ඩ ක්‍රියා හේතුවෙන් 200ක් පමණ අත්අඩංගුවට ගත් බව බලධාරීහු පවසති.
කෙසේ වෙතත් මෙම විරෝධතාවන්ට ප්‍රතිචාර දක්වමින් චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශකයෙකු පවසා සිටියේ, ‘කුපිතකරුවා’ වියෙට්නාමය බවය.
එමෙන්ම චීන බලධාරීන් තම නොසතුටද විට්නාමය වෙත පළකර තිබේ.
මේ අතර විරෝධතාකරුවන් තායිවාන් කම්හල් චීන කම්හල් බවට වරදවා හඳුනාගෙන ප්‍රහාර එල්ල කළ බවට වාර්තා වීමෙන් අනතුරුව තායිවාන් රජය වියට්නාම් තානාපතිවරයා තායිපේ අගනුවරට යළි කැඳවා තිබේ. එමෙන්ම, සිංගප්පූරු සහා ජපන් කම්හල්වලටද ප්රහාරයන් එල්ල වී ඇති බව වාර්තා වෙයි.