2015 වසරේදී චීනයේ ආරක්ෂක වියදම 10% කින් පමණ ඉහළ යනු ඇති බව එරට බලධාරීහු පවසති.
චීනයේ ජාතික මහජන කොංග්රසයේ වාර්ෂික පාර්ලිමේන්තු සැසිවාරයේ ප්රකාශිකා ෆූ යින්ග් මෙම ආරක්ෂක වියදම් සම්බන්ධ දළ අගයක් ලබාදෙමින්, එහි ඉහළ යෑම පෙන්නුම් කර ඇත.
හෙට දිනයේදී සැසිවාරය ආරම්භ වීමේදී මෙය නිල වශයෙන් දැනුම්දෙනු ඇති බවද කියැවෙයි.
චීනය වසර කිහිපයක සිට ඉලක්කම් දෙකක ආරක්ෂක වියදමේ වර්ධනයක් පෙන්නුම් කරයි. ආරක්ෂක වියදම් වෙනුවෙන් ලෝකයේ දෙවැනියට වැඩිම වෙන් කිරීම සිදුකළත්, ඇමෙරිකාව සමග සැසඳීමේදී ඔවුන් බොහෝ පසුපසින් පසුවෙයි.