දකුණු ආසියාවට මේ දිනවල බලපා ඇති ප්‍රබල මෝසම් වර්ෂාව හේතුවෙන් ඇති වූ ගංවතුර නිසා පීඩාවට පත්ව ඇති පිරිස මිලියන 16 ඉක්මවන බව විදෙස් වාර්තා පවසයි.
නේපාලය, බංග්ලාදේශය සහ ඉන්දියාව ගංවතුරින් ප්‍රබල ලෙස පීඩාවට පත් රටවල් වන අතර, මේ වනවිට එම රටවල ගංවතුර හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව ඇති පිරිස 500 ඉක්මවන අතර, එම අගය තවදුරටත් ඉහළ නගිනු ඇති බවද විදෙස් වාර්තා වැඩිදුරටත් පෙන්වා දෙයි.
ජාත්‍යන්තර රතුකුරුස සංවිධානය පෙන්වා දෙන්නේ මෙම කලාපය තුළ මෑත කාලයේදී මුහුණදුන් දරුණුතම ස්වභාවික ව්‍යසනය මේ වනවිට සිදුව ඇති බවයි.
එමෙන්ම, ගංවතුරින් පීඩාවට පත් බොහෝ ප්‍රදේශවල ආහාර හිඟයක් මෙන්ම, වසංගත රෝග පැතිර යාමේ අවදානමක් පවතින බවද එම සංවිධානය පෙන්වා දෙයි.
විශේෂයෙන්ම, නේපාලයේ හා බංග්ලාදේශයේ තුනෙන් එකක් පමණ ගංවතුරට මුහුණදී ඇති බවත්, උතුරු ඉන්දියානු දිස්ත්‍රික්ක 4ක්ද දරුණු ගංවතුර තත්ත්වයකින් පීඩා විඳින බවත් සඳහන් වෙයි.
මේ වනවිට ගංවතුර හේතුවෙන් නිවාස අහිමිව තාවකාලික රැඳවුම්වල සිටින පිරිස ලක්ෂ ගණනක් වන බවද විදෙස් වර්තා වැඩිදුරටත් පවසයි.