කැලේ රජා වුණත් බලුවෙන වෙලාවල්
කොච්චර ලොක්කෙක් වුණත් බලුවෙන වෙලාවල් තියෙනව කියන්නෙ නිකම්ම නෙමෙයි. රජවෙලා හිටියත්, වෙලාවකට බලුවෙන්න වෙනවා. ඒක හරියටම කියන්න පුළුවන් රූප රාමු ටිකක් තමයි ඔබට මේ පෙන්වන්න යන්නෙ.
ටැන්සානියාවේ සෙරෙන්ගෙටි සවානා ප්‍රදේශයේදී කුලප්පු වෙච්ච අලියෙක් එක පාරටම කාගෙද පස්සෙ දුවගෙන ගියා. මේ තරුණ හස්ථියට භයේ පණ කඩාගෙන දුවන කෙනා එක පාරටම පෙනුනෙ නැහැ. හැබැයි, මෙහෙම දුවල, අන්තමට මෙයා නතර වුණේ වේලිච්ච ගහක මුදුනටම නැගලයි. ඔන්න දැන්, හෙලුව එළියෙ... ඒ කිව්වෙ, දුවපු කෙනා පැහැදිලිව පේන්න ඉන්නවා. බැලින්නම්, අලියට භයේ පණ කඩාගෙන දුවල තියෙන්නෙ සිංහයෙක්. සාමාන්‍යයෙන් සිංහ වරිගෙ කියන්නෙ කැලේ රජකරන කට්ටිය. ඒත්, අපි කලින් කිව්ව වගේම, රජ වුණත් බලු වෙන වෙලාවල් තියෙනනෙ.
මේ කතා ප්‍රවෘත්තිය වාර්තා කරපු අය කියන විදියට, මේ සිංහයා අලින්ගේ රාජධානියට ඇතුළු වෙච්ච නිසා තමයි මේ වගේ අකරතැබ්බකට මුහුණ දෙන්න වෙලා තියෙන්නෙ. වේලිච්ච ගහට නැගල බේරෙන්න හැදුවත් මේ හස්ථිය ගහ යටට ගිහිල්ල, ගහ හොලෝල සිංහයව බිමට ගන්න හදලත් තියෙනවා.
කොහොම වුණත් පැය භාගයක් විතර ගහේ හිටපු සිංහයා අලිය පොඩ්ඩක් එහාට මෙහාට වෙනකල් ඉඳල බිමට පැනල තියෙනවා. ඒ ක්ෂණයෙන් මේ හස්ථියා නැවතත් කිලෝ මීටරයක් විතර දුර සිංහයා පස්සෙන් එලවාගෙන ගියා කියලයි කියන්නෙ. අන්තිමට, ආයෙත් ගහකට නැගල තමයි සිංහය බේරිලා තියෙන්නෙ.
ඇත්තටම සිංහයෙක් මේ තරම් භීතියට පත්වෙන හැටි තමන් කවදාවත් දැක්කෙ නැහැ කියලයි, මේ ඡායාරූප ගත්ත අය නම් කියන්නෙ.
	
	
	
	
	
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

                    
                    
                                
                                
                                
                                
 
                                                
                                                
                                                
                                                
                                                
                                                