කැරීබියන් දූපත් ආශ්රිත කලාපය වෙත ඇතුළු වෙමින් පවතින ඉර්මා සුළි කුණාටුව 4 වැනි ප්‍රවර්ගයට අයත් ප්‍රබල සුළි කුණාටුවක් දක්වා වර්ධනය වෙමින් පවතින බව කාලගුණ අංශ අනතුරු අඟවයි.
මේ තත්ත්වය තුළ පැයට කිලෝ මීටර් 220 ඉක්මවන ප්‍රබල සුළං ධාරා මෙම සුළි කුණාටුවෙන් ඇති කළ හැකි බවත්, එය ඉදිරි පැය 48ක කාලය තුළ තවදුරටත් ප්‍රබල විය හැකි බවත් ඇමෙරිකානු ජාතික සුළි කුණාටු මධ්‍යස්ථානය නිවේදනය කරයි.
ඉර්මා සුළි කුණාටුව මූලික වශයෙන් ලීවෝඩ් දූපත් වෙත ප්‍රබල සුළං තත්ත්වයක් ඇති කළ හැකි අතර, එය ප්‍රබල සුළං ධාරා මෙන්ම, අධික වර්ෂාපතනයක් ඇති කළ හැකි බවද සඳහන් වෙයි.
මෙම සුළි කුණාටුව සමග ඇමෙරිකාවේ ෆ්ලොරීඩා ප්‍රාන්තයද ප්‍රාන්තය තුළ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කරමින් ජනතාව ආරක්ෂිත ස්ථාන වෙත යැවීමට කටයුතු කරමින් සිටින බව වාර්තා වෙයි.
ටෙක්සාස් හා ලුසියානා යන ප්‍රාන්ත හාවි සුළි කුණාටුවෙන් දැඩි බලපෑමකට ලක්ව තිබූ අවස්ථාවක ඇතවන ඉර්මා සුළි කුණාටුව ගහෙන් වැටුණු මිනිහාට ගොනා ඇණිමක් විය හැකි බවද සඳහන් වේ.