ඇෆ්ගනිස්ථානයේ කාබුල් නුවර පුපුරාගිය මරාගෙන මැරෙන මෝටර් රථ ප්‍රහාරයකින් පුද්ගලයන් 24 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
ඇෆ්ගනිස්ථානයේ අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ තවත් පුද්ගලයන් 42 දෙනෙකු මෙම ප්‍රහාරයෙන් තුවාල ලබා ඇති බවයි.
ෂියා මුස්ලිම්වරුන් බහුලව ජීවත්වන ප්‍රදේශයක් ඉලක්ක කරමින් මෙම මරාගෙන මැරෙන ප්‍රහාරය එල්ල කර ඇති බවත්, එය නගරයේ බටහිර කොටසේ ප්‍රදේශයක් බවත් බලධාරීහු පවසති.
ප්‍රහාරයේ ඉලක්කය කුමක්ද යන්න මූලික පරීක්ෂණවලින් හෙළි නොවුණත්, මෙම ප්‍රහාරය ඇෆ්ගන් රජයේ නියෝජ්‍ය ප්‍රධාන විධායක නිලධාරී මොහොමඩ් මොහාකීක්ගේ නිවාස ආසන්නයේ පුපුරාගොස් ඇති බවද බලධාරීහු පවසති.
එමෙන්ම, ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිවෙකු භාරගෙන නොමැති වුවත්, මෙය තලේබාන් හෝ ඉස්ලාම් රාජ්‍ය ත්රස්තයන්ගේ ප්‍රහාරයක් බවට සැක නැත.