ඔස්ට්‍රේලියාව තුළදී ගුවන් යානයක් බිම හෙළීමේ ත්‍රස්ත ක්‍රියාවක් සැලසුම් කළ බවට පුද්ගලයන් දෙදෙනෙකුට චෝදනා ගොනු වෙයි.
පසුගිය සති අන්තය පුරා ඔස්ට්‍රේලියාවේ නගර ආශ්‍රිතව සිදුකළ ප්‍රතිත්‍රස්ත මෙහෙයුම්වලදී මෙම තොරතුරු අනාවරණය කරගෙන ඇති අතර, ගුවන් යානයක් පුපුරුවා හැරීමේ සැලසුම් එහිදී ආරක්ෂක වෙත තහවුරු වී ඇත.
මුලදී මේ පිළිබඳ සැකපිට පුද්ගලයන් සිවුදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබුණද ඉන් එක් අයෙකු පසුව නිදහස් කර තිබුණි. කෙසේ වෙතත්, තවත් අයෙකු සැකපිට රඳවාගෙන සිටින බව ඔස්ට්‍රේලියානු ආරක්ෂක අංශ පවසයි.
ඔස්ට්‍රේලියාව පුරා සිදුකළ දැවැන්ත ප්‍රති ත්‍රස්ත මෙහෙයුම ලෙස අගමැති මැල්කම් ටර්න්බුල් විසින් හඳුන්වා ඇති මෙම මෙහෙයුම තුළදී ඔස්ට්‍රේලියාව අනාරක්ෂිත කිරීම සඳහා සූදානම් වන සියලු සැලසුම් ක්‍රමයෙන් ලිහා ගනිමිනි සිටියි.
මෙම අත්අඩංගුවට ගැනීම සිදුකළ නිව් සවුත්වේල්ස් පොලිස් කොමසාරිස් මික් ෆුලර් පවසන්නේ ගුවන් යානා ප්‍රහාරයක් සඳහා චෝදනා එල්ල වී ඇති පුද්ගලයන් දෙදෙනා සම්බන්ධයෙන් ඉතා ප්‍රබල සාක්ෂි මේ වනවිට ඔවුන් සතුව පවතින බවයි.
යුරෝපය, ඇමෙරිකාව ඇතුළු ඉස්ලාමීය ජිහාඩ් අන්තවාදීන්ට එරෙහිව සටන් වදින සියලු රටවල ආරක්ෂාව අනාරක්ෂිත කරමින්, ඉතා සැලසුම්සහගත ම්ලේච්ඡ ත්‍රස්ත ප්‍රහාර එල්ල කිරීම සඳහා ත්රස්තවාදීන් මෙන්ම ඔවුන්ගේ හුදකලා වෘක්කයන් මේ වනවිට මාන බලමින් සිටියි.