ඔස්ට්‍රේලියාවේ මහ මැතිවරණයෙන් පැහැදිලි ජයග්‍රාහකයෙකු මෙතෙක් ඉස්මතු නොවීම තුළ අගමැති මැල්කම් ටර්න්බුල් ධුරයෙන් සමුගත යුතු බව විපක්ෂ නායක බිල් ෂෝර්ටන් පවසයි.
විපක්ෂ නායකවරයා පවසන්නේ අගමැතිවරයා රට තුළ අස්ථාවරබවක් ඇති කර ඇති බවයි. මේ නිසා සිදුකළ යුතු වන්නේ අගමැතිවරයා වහා ධුරයෙන් ඉවත් වීම බවද ඔහු අවධාරණය කරයි.
මැතිවරණයේ ඡන්ද ගණන් කිරීම මෙතෙක් අවසන් නොවීම තුළ මේ අර්බුදය උග්‍ර වී තිබුණත්, අගමැති ටර්න්බුල් පවසා සිටියේ ජයග්‍රහණය සම්බන්ධයෙන් තමන් දැඩි විශ්වාසයකින් පසුවන බවයි.
එරට පාර්ලිමේන්තුවේ පහළ මන්ත්‍රී මණ්ඩලයේ ආසන 150 ක් සඳහා වන ඡන්ද විමසීමේදී පාලක කන්සර්වේටිව් සන්ධානය වෙත ආසන 67 ක් හිමිව තිබූ අතර, මධ්‍ය වාමාංශික කම්කරු පක්ෂය වෙත හිමිව තිබුණේ ආසන 71 කි. මෙහිදී සමස්ත ආසන සංඛ්‍යාවෙන් ආසන 06 ක් ස්වාධීන හා සුළු පක්ෂ අතර බෙදී යනු ඇති අතර, තවත් ආසන 06 ක් අවිනිශ්චිත තත්ත්වයේ පවතී.