ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි වෙත අතට අත දෙමින් 'කෙම් කෝහ්' (ඔබට කොහොමද?) යැයි ගුජරාට් භාෂාවෙන් ඇමෙරිකානු ජනාධිපති බරැක් ඔබාමා පැවසූ විට ඉන්දීය අගමැතිවරයා 'තෑන්ක් යූ වෙරි මච් මිස්ටර් ප්‍රසිඩන්ට්' (බොහොම ස්තූතියි ජනාධිපතිතුමනි) යැයි ඉංග්‍රීසි භාෂාවෙන් පිළිතුරු ලබාදී තිබේ.
ඇමෙරිකාවේ සංචාරයක නිරත වන ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි පසුගියදා ධවල මන්දිරයේ රාත්‍රී භෝජන සංග්‍රහයේදී ඇමෙරිකානු ජනාධිපතිවරයා හමුවූ අවස්ථාවේදී ඔවුන් මෙසේ සිය පිළිසඳර අරඹා තිබේ.
එමෙන්ම, නව පදවිවලට පත්වීමේ මුල් කාලයේදී සිය කාර්යභාරයන් අතරතුර මුහුණදුන් රසමුසු තැන් පිළිබඳවද ඔවුන් දෙදෙනාම කතා කළ බව පැවසෙයි.
ඔබාමා හමුවීමට පෙර මෝදි ප්රමුඛ ගෝලීය ව්‍යාපාරික නායකයන් කිහිප පොළක් සමග සාකච්ඡා පැවැත්වූ අතර, ඔවුන්ට ඉන්දියාව තුළ ආයෝජනය කිරීමටද ආරාධනා කළේය.