ගාසා තීරයේ රොකට් ප්රහාර දියත් කරන හමාස් සංවිධානයට එරෙහිව තම සියලු අවස්ථා අත්හදා බලමින් ගොඩබිම් ප්රහාරයකට පවා සූදානම් වන බව ඊශ්රායලය අවධාරණය කරයි.
ඊශ්රායලය පවසන්නේ අද දිනයේදී ත්රස්තවාදීන් සිටින බවට සැක කෙරෙන ස්ථාන 40ක් වෙත ප්රහාර දියත් කළ බවයි.
මෙම ප්රහාරයන්ගෙන් පුද්ගලයන් 11 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පලස්තීනය පෙන්වා දෙයි.
මේ අතර, ගාසා තීරයේදී පලස්තීනය දෙසින් ඊශ්රායලය වෙත රොකට් ප්රහාර 100කට වැඩි ප්රමාණයක් එල්ල වී ඇති බවද කියැවෙයි.
එහිදී, පලස්තීන ජනාධිපති මහමූද් අබ්බාස් පවසන්නේ ඊශ්රායලය තම හමුදා ක්රියාදාමය අවසන් කළ යුතු බවයි.
නමුත්, ඊශ්රායලය අවධාරණය කරන්නේ ගාසා තීරයෙන් එල්ලවන රොකට් ප්රහාර නවත්වන තුර තම ප්රතිප්රහාර නොනවත්වන බවයි. එමෙන්ම, ගොඩබිම් ප්රහාරයක් පිළිබඳ අදහසද තමන් අත් නොහැර ඇති බව ඊශ්රායලය අවධාරණය කරයි.
පසුගියදා ඊශ්රායල් නව යොවුන් වියේ තරුණයන් තිදෙනෙකු ඝාතනය වීමත්, ඒ සමගම පලස්තීන තරුණයෙකු ඝාතනය වීම හා පහරදීම යන සිදුවීම් මාලාවක ප්රතිඵලයක් ලෙස මේ ආකාරයෙන් ඊශ්රායල්-පලස්තීන අර්බුදය ඔඩුදුවා තිබේ.