ඉරාකය ආක්‍රමණය කරමින් සිටින ISIS සුන්නි ඉස්ලාමීය අන්තවාදීන් සමග සටන් වදින ඉරාක හමුදාවට උපදෙස් ලබාදීම සඳහා එරටට පැමිණි ඇමෙරිකානු යුද උපදේශකයන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ඇමෙරිකානු ප්‍රහාරක ඩ්‍රෝන යානා එරට ඉහළ අහසට පැමිණ ඇති බව විදෙස් පුවත් සේවා පවසයි.
මේ වනවිටත් ඉරාකයේ වැඩි කොටසක බලය අල්ලාගෙන සිටින ඉස්ලාමීයන අන්තවාදීන් සමග සටනට පිවිසි හමුදාවට අවශ්‍ය සහාය ලබාදෙන ඇමෙරිකානු විශේෂඥයන්ට අවශ්‍ය පූර්ණ ආරක්ෂාව සැපයීම මෙම ඩ්‍රෝන යානාවල කාර්යභාරය බව වාර්තා වෙයි.
ඒ අනුව, දිනකට නිරීක්ෂණ ගමන්වාර 30 - 40ක් පමණ සිදුකරමින් ඉරාකයේ මිනිසුන් සහිත හා රහිත සෙසු ප්‍රහාරක යානාවලට අවශ්‍ය දත්ත සැපයීමද මෙමගින් සිදුවනු ඇති බව පැවසෙයි.
ඉරාකය වෙත නව අග්‍රාමාත්‍යවරයෙකු පත්කිරීම සඳහා එරට වඩාත් ප්‍රකට ෂියා ආගමික නායකයෙකු වෙත ඉල්ලීම් ලැබෙන අවස්ථාවේදී ඇමෙරිකාව මෙම නිවේදනය සිදුකර තිබේ.