එළැඹෙන අප්‍රේල් 30 වැනිදා ආරම්භ වන ඉරාක මහ මැතිවරණය වෙනුවෙන් ප්රචාරක කටයුතු ආරම්භ කර ඇති අතර, වත්මන් අගමැති නූරි මලීකී තුන්වැනි වරටත් අගමැති ධුරය වෙනුවෙන් සිය ප්රචාරක ව්‍යාපාරය දියත් කර තිබේ.
ආසන 328 ක් වෙනුවෙන් තරග වදින ඉරාක මහ මැතිවරණයේදී පැහැදිලි බහුතරයක් දිනාගත හැකි පක්ෂයක් නොමැති බවද විදෙස් පුවත් සේවා පෙන්වා දෙයි.
කෙසේ වෙතත් වත්මන් අගමැති මලීකී නියෝජනය කරන යුක්තිගරුක රාජ්‍යයක් වෙනුවෙන් වූ සන්ධානය මැතිවරණයේ ඉදිරියෙන්ම සිටින බවට පුරෝකථනයන් පවතී.
2006 සහ 2008 අතර ඉරාකයේ ප්‍රචණ්ඩක්‍රියා බහුලවම සිදුවූ කාල වකවානුවෙන් පසුව මේ වනවිට එරට නැවතත් ප්‍රචණ්ඩක්‍රියා උත්සන්න වී තිබීම නිසා මැතිවරණයද ප්‍රචණ්ඩක්‍රියා බහුල වටපිටාවක යෙදී තිබේ.
ඉරාකයේ සිටින එක්සත් ජාතීන්ගේ සංවිධාන නියෝජිතයන් විසින් ලබාදී ඇති වාර්තාවකට අනුව මාර්තු මාසයේදී පමණක් ඉරාකය තුළ ප්‍රචණ්ඩක්‍රියා හේතුවෙන් පුද්ගලයන් 592 නෙකු මරණයට පත්ව ඇති අතර, ඉන් 484ක් සිවිල් වැසියන් බව කියැවෙයි.