ඉන්දීය මහ මැතිවරණයේදී විරුද්ධ පක්ෂයේ අපේක්ෂක නරේන්ද්‍ර මෝඩි ගේ නායකත්වයෙන් යුතු සන්ධානයට ජයග්‍රහණය හිමිවනු ඇති බව ජනමත සමීක්ෂණවලින් පෙන්නුම් කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
මෙවර මැතිවරණ ව්‍යාපාරය භාරතීය ජනතා පක්ෂය විසින් කැපී පෙනෙන ආකාරයෙන් සිදුකර තිබුනේ කොංග්‍රසය අභිභවමිනි.
සති හයක් මුළුල්ලේ පැවැත්වුණු මහ මැතිවරණයට 66.38%ක වාර්තාගත ඡන්දදායක සහභාගිත්වයක් පැවති බව එරට මැතිවරණ කොමිසම පවසා සිටියේය. එය මීට පෙර 1984 වර්ෂයේ තබා තිබූ වාර්තාවන් අභිභවා ගිය අවස්ථාවක් බවද මැතිවරණ කොමිසම පෙන්වා දුන්නේය.
ඒ අනුව, දැනට පවතින ජනමත සමීක්ෂණයන්ට අනුව භාරතීය ජනතා පක්ෂයට මෙවර ඉන්දීය පාර්ලිමේන්තුවේ බහුතර ආසන සංඛ්‍යාවක් හිමිවනු ඇති බව පැවසෙයි.
එමෙන්ම එකී සමීක්ෂණ පෙන්වාදී ඇත්තේ වත්මන් පාලක කොංග්රස් පක්ෂයට ලැබෙන ජනතා සහාය විශාල වශයෙන් බිඳ වැටී ඇති බවය.
කෙසේ වෙතත් මෙවැනි පූර්ව ජනමත සමීක්ෂණයන් සෑම අවස්ථාවකම අවසානයේදී නිවැරදි නොවූ නිසා මෙය තවම නිවැරදිම තක්සේරුවක් නොවන බවද දේශපාලන විචාරකයෝ පේනවා දෙති.
මේ අතර දූෂණ හා අක්රමිකතාවලට විරුද්ධව හඬ නඟන ආම් අදාම් පක්ෂයේ නායක අරවින්ද් කෙජ්රිවාල් උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේදී නරේන්ද්‍ර මෝඩිට දැඩි අභියෝගයක් එල්ල කළ බවද වාර්තා විය.
පසුගිය අප්‍රේල් 7 වැනිදා ආරම්භ වූ ඉන්දීය මහ මැතිවරණය අදියර 9ක් යටතේ පසුගිය මැයි 12 වැනිදා දක්වා පැවැත්වුණු අතර, මිලියන 814ක ඡන්දදායකයන් පිරිසක් මෙවර මැතිවරණය වෙනුවෙන් ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා සිටියහ.
ඒ අනුව, මෙවර ඉන්දීය මහ මැතිවරණයේ ඡන්ද ගණන් කිරීම ලබන 16 වැනිදා ඇරඹෙනු ඇත.